Saturday, July 6, 2013

මගෙ වසීලිස්සා..

තක්ෂි....මගෙ මිහිරාවී...
...............දැන් වෙලාව රෑ 12 32  මට නින්දක් නෑ....ඉතින් මට ඔයාට ලියන්න ඕන උනා....කවුරු අමනාප උනත්..නින්ද අමනාප වෙන එක භයානකයි කියල හිතෙන්නෙ මේ වෙලාවට තමා....
............මේ ගෙවෙන්නෙ ඒ තරම් හොඳ කාලයක් නෙවෙයි තමයි...ඒත් ඔයා ඉවසීමෙන් ඉන්නව දකින එක මට සතුටක්...
.............''හැමදේම වෙන්නෙ මිනිස්සුන්ටනෙ...කොයි දේත් වෙන්නෙ හොඳටනෙ..''  වගේ අප්‍රසන්න දේවල්නම් මම ඔයාට කියන්නෙ නෑ...ඔයා දන්නවනෙ තක්ෂි..,  මම කවදාවත් ''දෛවය'' කියන කෙනාට ඕන විදියට ඉන්න කැමති කෙනෙක් නෙවෙයි..
..................ඔයාගෙ ජීවිතේ ප්‍රීතිය..පේන මානෙ කියල හිතන්න මගෙ වසිලිස්සා....
දැන් නිදාගමු...රෑට නැති නුවණ උදේට පහල වෙයි...
උණුසුම් හාදුවක් සමඟින්...
....තක්ෂි...

2 comments:

  1. කවුරු අමනාප උනත් නින්ද අමනාප වෙන එක බයානකයි හ්ම්ම්ම් එක ඇත්ත ඒ වගේම රෑට නැති නින්ද උදේට පහල වෙයි අනිවා... නියමයි...

    ReplyDelete
  2. හද පිරි ප්‍රණාමය සුනේ අක්කෙ.

    ReplyDelete