Monday, July 8, 2013

.හත් පෙති මල..

තක්ෂි.... මගෙ...හත් පෙති මල..
..............හැමෝම නින්දට ගිහින් තක්ෂි...මම විතරක් ඉටි පන්දම එළියෙන් ඔයාට ලියනවා..කාමරේ අඳුරින් පිරිල හංද..මදුරුවො ලක්ෂයක් විතර මා වටේ ඉන්නව..එයාලට තේරෙන්නෙ නෑ..''ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් '' කියල එයාල ගයන කසිකබල් සිංදුවට මම පොඩ්ඩක්වත් කැමති නෑ කියල...
හැමදාම වගේ භාගෙට ඇරපු කවුළුවෙන්.. මට හඳ පේනව..හඳ එළිය කවුලු පියනෙ තඹ අඟුලට වැදිල ..රත්තරං පාටට දිලිසෙනව...සංයමයක් නැති රස්තියාදු හුළඟ ..දරන්න බැරුව පොල් ගස් දෙකක් ..'' ක්‍රීස් ක්‍රීස් ..'' සද්දෙට එකට මැදෙනව...ඒ සද්දෙ ඇස් පියාගෙන විඳින්න පුළුවන් එකක් නෙවෙයි....
මේ අහන්න තක්ෂි...මේ ලෝකෙ තියෙන බලගතුම දේයි..මුළු අහසෙම තියෙන තරු ගොන්නයි..මුළු ලෝකෙමයි..අපි එක්ක හිටියත්..හිතේ සතුටක් නැත්නම්..වැඩක් නෑ...හැමදේටම වඩා වටින්නෙ සතුටනෙ තක්ෂි..
මට පුළුවන් හැම වෙලාවෙම මම ඔයාට ලියන්නම්...නොලීවත් ඔයා මගෙ හිතේ කොයි වෙලෙත් ඉන්නවා..මොන මහ රෑක අවදි උනත්..මම ඔයාට කතා කරනවනෙ..
.. මතක තියාගන්න තක්ෂි..ඔයාගෙ කම්මුල් වල වලවල් තියෙන්නෙ ඇස් වලින් බේරිල එන කදුළු පුරවන්න නෙවෙයි..ඔයාගෙ හිනාව
සරසන්නයි..හොඳද....
ඉවසීමෙන් ඉන්න තක්ෂි....මගෙ අත ඔයාගෙ උරහිසෙන් අයින් වෙන්නෙ නෑ...
...දයාවෙන්...තක්ෂි....

No comments:

Post a Comment