තක්ෂි.....මගෙ ආදරණීය තෙල්මා.....,
.........කාටත් නෑහෙන්න හමන හුළඟක් ගස් වල අතු වල හැප්පීගෙන යනව...එතකොට ගස් අතුවල ඉතුරු වෙච්ච වැහි බිංදු ක්ලං ක්ලං සද්දෙට...බිමට වැටෙනවා.....පළාතම නිහඬ හංද ඒවා මහා ලොකු සද්ද වගේ මට ඇහෙනවා.....
....මොහොමඩ් රාෆිගෙ සිංදු කියන තොටියා..ඔරු කඳට තඩි බාන ගමන් අදත් සිංදුවක් කියනවා....මාළු රවටන්න ඒ මනුස්සය දරන වෑයම මට අපුල උනත්...ඒ සිංදුව මගෙ මූණට හිනාවක් ගෙනාව තක්ෂි....
...........ආජා ආජාරේ....
.........තුජ්කො මේරා ප්යාර් පුකාරේ....
.............තක්ෂි....එකෝමත් එක කාලෙක කියල පටන් ගන්න හැම කතාවම ඊට පස්සෙ හැමෝම සතුටින් ජීවත් උනා කියල ඉවර වෙන්නෙ නෑ....ඔයාට තේරෙණවද....
...වඩා වැදගත්ම දේ..අපේ ආත්ම විශ්වාසය...අර දෛවයද කවුද කියන කෙනාට ඕන විදියට මගෙ ජීවිතේ තීරණය කරන්න මම දෙන්නෙ නෑ තක්ෂි...
.........හිනාවෙලාම ඉන්න මගෙ සුදු රෝස මල.....ඔයාගෙ ජීවිතේ ස්වර්ණමය යුගය ආරම්භ වෙන්නයි යන්නෙ කියල හිතන්න...
.....තක්ෂි...
No comments:
Post a Comment