Saturday, July 6, 2013

අතොරක් නැති වැස්ස...

තක්ෂි....සුදු කන්ද මුදුනින් දිලෙන මගෙ හඳ පළුව.....,
.........................හැන්දෑවෙ අහස බෙරිහන් දීල අඬා වැටුනා...ඒ කඳුළු වලින් හැදුනු වලවල් වලට වෙලා ගෙම්බො කට්ටියක් ..'' ටේක්..ටේක්..'' සද්දෙට අමිහිරි සිංදු කියනවා....ටිකකට කළින් පාරෙ දැල්වුන විදුලි ලාම්පුව..'' පටොස්..'' කියල පුපුරල ගියා...ඉතින් ..දැන් පහන් කණුව යට අඳුරුයි.....
.............මොනතරම් සනීපයක්...සිසිලක් ගෙනාවත්...වරුසාව හැම වෙලේම හොඳ වෙන්නෙ නෑ තක්ෂි.....
........ඔයාට ලිව්වම මොකද..මගෙ මූණ හරිම මළානිකයි....කිසිම ජීවයක් නෑ...ඉතින් මම තියෙන තරම් ෆේස් වොෂ් දාලා මූණ වෙනස් කරගන්න බලනවා...මගෙ කාමරේ තියෙන දොරේ කැටයම් දාපු වීදුරුවෙන් බලල එක එක විදියට හිනා වෙලා බලනවා...
..( අත්තම්ම ඒ දවස්වල කිව්ව වගේ..උපන් කැත යවන්න බෑ තමයි..)
...............මේ අහන්න තක්ෂි....ගහක් තව ගහක් එක්ක කවදාවත් පෑහෙන්නෙ නෑ.....හැමදාම එකට ඉන්නෙ ගහකුයි වැලකුයි විතරයි...( නිකම්මත් නෙවෙයි ලිව්වේ)
.....මේ වැස්ස මාව ලෙඩ කළේ නැත්නම් මම හෙටත් ලියන්නම්..
පරිස්සමට ඉන්න මගෙ සපත්තු මල..
...තක්ෂි...

1 comment:

  1. හරිම ලස්සනයි තව ලියන්න

    ReplyDelete