Saturday, July 6, 2013

නිදා ගන්න මගෙ නොරිකො සං

තක්ෂි.....වැව් දියේ කැලති කැලතී හිනැහෙන මගෙ තරු අරුන්දතී....
............ලෝකෙ තියෙන සුන්දරම එළිය හඳ එළිය කියල ඔයාට හිතෙන්නෙ නැද්ද........හඳ එළියට ..කෙහෙල් ගස් වල අතු අවතාර වගේ වැනෙනව.....දිවුල් ගහේ ඉතුරු වෙච්ච ගෙඩියක් ඉඳල හිටල වැටෙද්දි ඇහෙන '' ඩොග් '' සද්දෙ ඇරුනම පළාතම නිහඬයි.....
..ඉතින්....දෙතොල් වල පිපුනු පොඩි හිනාවක් එක්ක මම ඔයාට ලියනවා....
..................තක්ෂි........., හතරෙ පංතියෙදි අමරසිංහ සර් කිව්ව'' ළමයිනේ..හදවත ශබ්ද වෙන්නෙ ''ලබ් ඩබ්'' හඬින් '' කියල...
..එදා මෙලෝ සිහියක් නැතුව වෙලෙන් පැනල ගෙදර දුවගෙන ඇවිත්...අත්තම්ම බත් බෙදන අතරෙ මම අත්තම්මට කිව්ව.
..'' අත්තම්මෙ හදවත සද්ද වෙන්නෙ ලබ් ඩබ් කියලලු '' කියල.....
එතකොට අත්තම්ම කිව්ව..
'' ඕනකමින් අහුවොත් ඊට වඩා සද්ද ඇහෙනව පුතේ '' කියල....අත්තම්මට පිස්සුනෙ කියල ඒ වෙලාවෙ හිතුනට මොකද තක්ෂි....එතුමිය කිව්වෙ ඇත්ත....
...........නිදාගන්න මගෙ නොරිකො සං.....දැන් ගොඩක් රෑ වෙලා...
.....තක්ෂි....

5 comments:

  1. ආදරණීය නොරිකෝ...

    මම සූදානම් ඔයාව කියවන්න....සුබ පැතුම්..ආදරයත් එක්ක.
    "ලොකූ'

    ReplyDelete
  2. හද පිරි ප්‍රණාමය ලොකූ

    ReplyDelete
  3. මමත් අනිවා කියවනවා නංගි ඔයා ලියන ඒවා හරිම ලස්සනයි....

    ReplyDelete
  4. සුබ පැතුම් මගෙන්

    ReplyDelete
  5. හද පිරි ප්‍රණාමය සුනේ අක්කෙ.

    ReplyDelete