Sunday, July 7, 2013

ආදරණීයම මන්දාකිණිය..

තක්ෂි.....මගෙ ආදරණීයම මන්දාකිණිය....
......................................ඔයාට ලියන මේ වෙලාවෙ පොඩි වැස්සක් වැටෙනව........වහලෙට වැටෙන වැහි බිංදු රූටල ගිහින් ජනේලෙ එහා පැත්තෙ තියෙන බුත් සරණ ගස් උඩට ...''ටොක් ටොක්'' සද්දෙට නොනැවතීම වැටෙනව මට ඇහෙනව...
...............................හුළඟක සද්දෙ නැතත්....මගෙ බ්ලැක් බ්‍රවුන් කොන්ඩෙ ගස් දෙකතුනක්..එහාට මෙහාට පියාඹන හංද පොඩි හුළඟක් හරි ...පසාරු කැටයම, පසා කරගෙන එනව ඇති.......
.............................මේ අහන්න තක්ෂි....පොඩි කාලෙ අපි කරන හැම දේකටම අපිට තවත් විකල්පයක් තිබුන...ඔයා නිකමට හිතන්නකො..ඉස්කෝලෙදි..ගණන් පීරියඩ් එක ඕනෙ නැත්නම් ...අපිට සික් රූම් එකට යන විකල්පය තිබුනනෙ....ඉන්න යාළුව හොඳ නැත්නම් වෙන කවුරු හරි යාළුවෙක් හොයා ගන්න විකල්පය තිබුනනෙ....
..........................................ඒත්....දැන් අපිට එහෙම විකල්ප නෑ තක්ෂි....මම ලියන දේ තේරුම් ගන්න...අපේ හර්ද ස්පන්දනය වෙනුවට අපිට විකල්ප තියෙනවද...අපි කැමති...අපිව සතුටින් තියෙන ..දේවල් වෙනුවට අපි විකල්ප හොයනවද....
............................................පොඩි කාලෙ හැමදේටම ලේසි මාර්ගය හෙව්වට දැන් එහෙම බෑ තක්ෂි...
...............................අපි දැන් නිදාගන්න යමු...සුන්දර හිනාවකින් හෙට දවසට මූණ දෙන්න ප්‍රාර්ථනා කරමු..
.............ආදරයත් සමඟින්...තක්ෂි...

2 comments:

  1. ගොඩාක් ආදරෙයි මාත් තක්ෂිට....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete