Wednesday, July 10, 2013

මගෙ ආදරණීය තෙල්මා.....,

තක්ෂි.....මගෙ ආදරණීය තෙල්මා.....,
.........කාටත් නෑහෙන්න හමන හුළඟක් ගස් වල අතු වල හැප්පීගෙන යනව...එතකොට ගස් අතුවල ඉතුරු වෙච්ච වැහි බිංදු ක්ලං ක්ලං සද්දෙට...බිමට වැටෙනවා.....පළාතම නිහඬ හංද ඒවා මහා ලොකු සද්ද වගේ මට ඇහෙනවා.....
....මොහොමඩ් රාෆිගෙ සිංදු කියන තොටියා..ඔරු කඳට තඩි බාන ගමන් අදත් සිංදුවක් කියනවා....මාළු රවටන්න ඒ මනුස්සය දරන වෑයම මට අපුල උනත්...ඒ සිංදුව මගෙ මූණට හිනාවක් ගෙනාව තක්ෂි....
...........ආජා ආජාරේ....
.........තුජ්කො මේරා ප්යාර් පුකාරේ....
.............තක්ෂි....එකෝමත් එක කාලෙක කියල පටන් ගන්න හැම කතාවම ඊට පස්සෙ හැමෝම සතුටින් ජීවත් උනා කියල ඉවර වෙන්නෙ නෑ....ඔයාට තේරෙණවද....
...වඩා වැදගත්ම දේ..අපේ ආත්ම විශ්වාසය...අර දෛවයද කවුද කියන කෙනාට ඕන විදියට මගෙ ජීවිතේ තීරණය කරන්න මම දෙන්නෙ නෑ තක්ෂි...
.........හිනාවෙලාම ඉන්න මගෙ සුදු රෝස මල.....ඔයාගෙ ජීවිතේ ස්වර්ණමය යුගය ආරම්භ වෙන්නයි යන්නෙ කියල හිතන්න...
.....තක්ෂි...

Monday, July 8, 2013

.හත් පෙති මල..

තක්ෂි.... මගෙ...හත් පෙති මල..
..............හැමෝම නින්දට ගිහින් තක්ෂි...මම විතරක් ඉටි පන්දම එළියෙන් ඔයාට ලියනවා..කාමරේ අඳුරින් පිරිල හංද..මදුරුවො ලක්ෂයක් විතර මා වටේ ඉන්නව..එයාලට තේරෙන්නෙ නෑ..''ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් '' කියල එයාල ගයන කසිකබල් සිංදුවට මම පොඩ්ඩක්වත් කැමති නෑ කියල...
හැමදාම වගේ භාගෙට ඇරපු කවුළුවෙන්.. මට හඳ පේනව..හඳ එළිය කවුලු පියනෙ තඹ අඟුලට වැදිල ..රත්තරං පාටට දිලිසෙනව...සංයමයක් නැති රස්තියාදු හුළඟ ..දරන්න බැරුව පොල් ගස් දෙකක් ..'' ක්‍රීස් ක්‍රීස් ..'' සද්දෙට එකට මැදෙනව...ඒ සද්දෙ ඇස් පියාගෙන විඳින්න පුළුවන් එකක් නෙවෙයි....
මේ අහන්න තක්ෂි...මේ ලෝකෙ තියෙන බලගතුම දේයි..මුළු අහසෙම තියෙන තරු ගොන්නයි..මුළු ලෝකෙමයි..අපි එක්ක හිටියත්..හිතේ සතුටක් නැත්නම්..වැඩක් නෑ...හැමදේටම වඩා වටින්නෙ සතුටනෙ තක්ෂි..
මට පුළුවන් හැම වෙලාවෙම මම ඔයාට ලියන්නම්...නොලීවත් ඔයා මගෙ හිතේ කොයි වෙලෙත් ඉන්නවා..මොන මහ රෑක අවදි උනත්..මම ඔයාට කතා කරනවනෙ..
.. මතක තියාගන්න තක්ෂි..ඔයාගෙ කම්මුල් වල වලවල් තියෙන්නෙ ඇස් වලින් බේරිල එන කදුළු පුරවන්න නෙවෙයි..ඔයාගෙ හිනාව
සරසන්නයි..හොඳද....
ඉවසීමෙන් ඉන්න තක්ෂි....මගෙ අත ඔයාගෙ උරහිසෙන් අයින් වෙන්නෙ නෑ...
...දයාවෙන්...තක්ෂි....

තක්ෂි....මගෙ උත්පල නේත්‍ර නිම්නය..

තක්ෂි..,
බරිස් පලෙවොයි ගෙ '' සැබෑ මිනිසෙකුගේ කතාවක් '' කියන පොතේ එක තැනකදි..ඕල්යා ඇලෙක්සෙයි ට ලියනවා ලියුමක්..මෙන්න මෙහෙම..
..පෙම්වත..,
''පරිත්‍යාග කිරීමට බියනම්..,එවැනි ආලයක් සැබෑ ආලයක් නොවේ..එවැනි ආලයක් තිබේනම් එය සැබෑවක් නොව..බොරුවකි..,නුඹට මොනවා උනත්..මම නුඹ එනතුරු හැමදාම ..,නිතරම බලා සිටිමි..,,''
තක්ෂි..,
ඇලෙක්සෙයි ඒ ලියුම ගොඩක් සතුටින් කියවන්න ඇති..ඕල්යගෙ ආදරේ දැනෙන්න ඇති...
ආදරේ කියන්නෙ ඒකටනෙ නේද...අනෙත් කෙනාට දැනෙන්න ඕන..අපි ආදරේ බව..( විකාර ලිවීම ගැන සමාවෙන්න..) 
පරිස්සමට ඉන්න..
(මහන්සියෙන් කැත උන මූණක් එක්ක ) ඔයාගෙ තක්ෂි..

Sunday, July 7, 2013

ආදරණීයම මන්දාකිණිය..

තක්ෂි.....මගෙ ආදරණීයම මන්දාකිණිය....
......................................ඔයාට ලියන මේ වෙලාවෙ පොඩි වැස්සක් වැටෙනව........වහලෙට වැටෙන වැහි බිංදු රූටල ගිහින් ජනේලෙ එහා පැත්තෙ තියෙන බුත් සරණ ගස් උඩට ...''ටොක් ටොක්'' සද්දෙට නොනැවතීම වැටෙනව මට ඇහෙනව...
...............................හුළඟක සද්දෙ නැතත්....මගෙ බ්ලැක් බ්‍රවුන් කොන්ඩෙ ගස් දෙකතුනක්..එහාට මෙහාට පියාඹන හංද පොඩි හුළඟක් හරි ...පසාරු කැටයම, පසා කරගෙන එනව ඇති.......
.............................මේ අහන්න තක්ෂි....පොඩි කාලෙ අපි කරන හැම දේකටම අපිට තවත් විකල්පයක් තිබුන...ඔයා නිකමට හිතන්නකො..ඉස්කෝලෙදි..ගණන් පීරියඩ් එක ඕනෙ නැත්නම් ...අපිට සික් රූම් එකට යන විකල්පය තිබුනනෙ....ඉන්න යාළුව හොඳ නැත්නම් වෙන කවුරු හරි යාළුවෙක් හොයා ගන්න විකල්පය තිබුනනෙ....
..........................................ඒත්....දැන් අපිට එහෙම විකල්ප නෑ තක්ෂි....මම ලියන දේ තේරුම් ගන්න...අපේ හර්ද ස්පන්දනය වෙනුවට අපිට විකල්ප තියෙනවද...අපි කැමති...අපිව සතුටින් තියෙන ..දේවල් වෙනුවට අපි විකල්ප හොයනවද....
............................................පොඩි කාලෙ හැමදේටම ලේසි මාර්ගය හෙව්වට දැන් එහෙම බෑ තක්ෂි...
...............................අපි දැන් නිදාගන්න යමු...සුන්දර හිනාවකින් හෙට දවසට මූණ දෙන්න ප්‍රාර්ථනා කරමු..
.............ආදරයත් සමඟින්...තක්ෂි...

.මගෙ ආදර වරා මල...,

තක්ෂි...මගෙ ආදර වරා මල...,
.............ඔයාට කියන්ට තරම්..මනරම් කතානම් මා ළඟ නෑ...ඒත් මම දන්නව ඔයා මම ලියන දේවල් කියවන්නෙ කැමැත්තෙන් බව.....
............ඔයා ඉන්නෙ මහා ලොකු සතුටකින් නෙවෙයි කියල මම දන්නව...හැමෝම එහෙමයි තක්ෂි..හැම දවසක්ම සතුටින් ගෙවන්න අමාරුයි..
......ඔයාගෙ මූණෙ වලවල් හැදෙන විදියට හිනාවක් ගේන්න තරම් කතාවක් කියන්න මගෙ හිතට එන්නෙ නෑ....(ඔයාව දැක්කම මට හිනායන එක වෙනම කතාවක් )
...........සාලෙ මුල්ලක තියෙන රේඩියෝ එකේ...ලතා මන්ගේෂ්කාර්ගෙ ලස්සන සින්දුවක් ඇහෙනව...හිත නිදහස් නැති වෙලාවට මොනතරම් ලස්සන තනුවක් උනත් විලාපයක් වගේ ඇහෙන්නෙ තක්ෂි...
.......නිදාගන්න එපා..මට ආයෙමත් ඔයා එක්ක කතා කරන්න හිතෙන්න පුළුවන්.
මම ඔයාට ආදරෙයි තක්ෂි...
...තක්ෂි...

ජීවිතේ නින්දක් වගේ

තක්ෂි...,
අපේ ළඟින්ම ඉන්න අපිට සමීපම කෙනෙක් ඇරෙන්න..මිලියනයක් දෙනා ඔයාව තේරුම් ගන්නෙවත් ..,විශ්වාස කරන්නෙවත් නෑ කියන එක ඔයා තේරුම් ගන්න ඕන..ජීවිතේ හරියට නින්දක් වගේ තක්ෂි..,ඒ නින්දෙදි..අපි පුදුමාකර හීන දකිනවා..කවදහරි නින්දෙන් ඇහැරුනොත්...?
ඔයා මූණ එල්ලගෙන ඉන්නකොට හරිම කැතයි තක්ෂි...( නැතත් කැතයි..තමා )ඒ නිසා පුළුවන්තරම් හිනාවෙලාම ඉන්න....ආදරෙයි මම ඔයාට..හිතුනොත් මම ආයෙත් ඔයාට ලියන්නම්....
..තක්ෂි..

Saturday, July 6, 2013

මගෙ වසීලිස්සා..

තක්ෂි....මගෙ මිහිරාවී...
...............දැන් වෙලාව රෑ 12 32  මට නින්දක් නෑ....ඉතින් මට ඔයාට ලියන්න ඕන උනා....කවුරු අමනාප උනත්..නින්ද අමනාප වෙන එක භයානකයි කියල හිතෙන්නෙ මේ වෙලාවට තමා....
............මේ ගෙවෙන්නෙ ඒ තරම් හොඳ කාලයක් නෙවෙයි තමයි...ඒත් ඔයා ඉවසීමෙන් ඉන්නව දකින එක මට සතුටක්...
.............''හැමදේම වෙන්නෙ මිනිස්සුන්ටනෙ...කොයි දේත් වෙන්නෙ හොඳටනෙ..''  වගේ අප්‍රසන්න දේවල්නම් මම ඔයාට කියන්නෙ නෑ...ඔයා දන්නවනෙ තක්ෂි..,  මම කවදාවත් ''දෛවය'' කියන කෙනාට ඕන විදියට ඉන්න කැමති කෙනෙක් නෙවෙයි..
..................ඔයාගෙ ජීවිතේ ප්‍රීතිය..පේන මානෙ කියල හිතන්න මගෙ වසිලිස්සා....
දැන් නිදාගමු...රෑට නැති නුවණ උදේට පහල වෙයි...
උණුසුම් හාදුවක් සමඟින්...
....තක්ෂි...