Sunday, July 7, 2013

.මගෙ ආදර වරා මල...,

තක්ෂි...මගෙ ආදර වරා මල...,
.............ඔයාට කියන්ට තරම්..මනරම් කතානම් මා ළඟ නෑ...ඒත් මම දන්නව ඔයා මම ලියන දේවල් කියවන්නෙ කැමැත්තෙන් බව.....
............ඔයා ඉන්නෙ මහා ලොකු සතුටකින් නෙවෙයි කියල මම දන්නව...හැමෝම එහෙමයි තක්ෂි..හැම දවසක්ම සතුටින් ගෙවන්න අමාරුයි..
......ඔයාගෙ මූණෙ වලවල් හැදෙන විදියට හිනාවක් ගේන්න තරම් කතාවක් කියන්න මගෙ හිතට එන්නෙ නෑ....(ඔයාව දැක්කම මට හිනායන එක වෙනම කතාවක් )
...........සාලෙ මුල්ලක තියෙන රේඩියෝ එකේ...ලතා මන්ගේෂ්කාර්ගෙ ලස්සන සින්දුවක් ඇහෙනව...හිත නිදහස් නැති වෙලාවට මොනතරම් ලස්සන තනුවක් උනත් විලාපයක් වගේ ඇහෙන්නෙ තක්ෂි...
.......නිදාගන්න එපා..මට ආයෙමත් ඔයා එක්ක කතා කරන්න හිතෙන්න පුළුවන්.
මම ඔයාට ආදරෙයි තක්ෂි...
...තක්ෂි...

No comments:

Post a Comment